‘අපි දුක් විඳගෙන හිටිය අපේ ඉඩම්වල දැන් අපිට ඉන්න බැරි ඇයි?’ පානම ‘ඉඩම් අරගලයේ’ කාන්තාවන් අසයි

විකල්ප: වසර ගණනාවක් පුරා සිය ඉඩම් අයිතිය ඉල්ලා අරගල කරන පානම ගැහුණුන් සහ මිනිසුන්ට තවමත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ලබා දීමට, කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 2015 -2018 කාලයේ දී පත්උනු ‘යහපාලන’ ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවකින් කියා සිටියේ පානම මිනිසුන්ට අයිති සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ඔවුන් වෙත පවරන බවයි. නමුත් එම කැබිනට් පත්‍රිකාව පවා ක්‍රියාත්මක කිරීමට තරම් ‘යහපාලනයක්’ යහපාලන ආණ්ඩුවට නොතිබිණි. එම තත්ත්වය තුළ නැවත වරක් පානම ඉඩම් අහිමි ජනතාව සිය අරගලය ඉදිරියට ගෙන යමින් සිටී. ඒ අතරතුර ඔවුන් විසින් තාවකාලිකව ඉදිකර තිබූ පැලපත් පසුගිය මාසයේදී කිසියම් පිරිසක් විසින් ගිණිතබා විනාශ කල අතර, නැවත වරක් පසුගිය මාර්තු 18වනදා නැවත සකස් කර තිබූ පැල්පත් කිහිපයක් කඩා බිද දමා විනාශ කර ඇත.

‘මොන බාධක ආවත් අපි අපේ ඉඩම්වලින් යන්නේ නෑ. මේවා අපි දුක්විදගන හදපු ඉඩම්’ ඔවුන් කියයි.

මේ ඔවුන්ගේ වේදනාත්මක කතාවේ එක් පැතිකඩක් පමණි.

මූලාශ්‍රය: විකල්ප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...