ඩයනාගේ පුරවැසිභාවය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ , රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙසයි.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියටපත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත්කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ බව වාර්තා විය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32වන වගන්තිය යටතේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම සලකාබැලිය හැකිද ? නැද්ද ? යන්න තීරණය කරන බවත්ය . අනතුරුව පැමිණිල්ල ලබන අප්‍රේල් මස 6 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...