ගිහි සමාජය හා පවත්වන සකල විධ ඇලීම් ගැටීම් භික්ෂුන්ට සපුරා තහනම්!

එහි දී බුදුන් ගිහියන් හමුවේ භික්ෂු චර්යාවන් පායන සඳකට උපමා කොට තිබේ.ඒ මෙලෙසිනි. “මහණෙනි,ගිහියන්ගේ නිවාස වලට යන විට සඳක් මෙන් යා යුතු වෙයි. ඔවුන් ගෙන් කය ඉවත් කරගෙනම , ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙනම යා යුතු වෙයි..

දායකයන් හා කුළුපගකම් ශේෂ කොට තබා නොගෙන.නිරතුරුවම ආගන්තුක වෙසින්ම යා යුතු වෙයි.යම් පුරුෂයෙකු ඉවුරු කඩා වැටුණු ලිඳක් සමීපයට හෝ භයානක කඳු ප්‍රපාතයක් සමීපයට හෝ  ඉවුරු සිඳී ගිය නදියක් සමීපයට ගොස්  කය ඈත් කරගෙනම ඒ වෙතට එබී බලන්නේ යම් සේ ද.

ඔබ ද ගිහියන්ගේ නිවෙස් වලට යන විට  පිළිපැදිය යුත්තේ ඒ ආකාරයටම ය” බුදුහු පැහැදිලිවම වදාරති.ඒ අනුව ගිහි සමාජය හා පවත්වන සකල විධ ඇලීම් ගැටීම් භික්ෂුන්ට  සපුරා තහනම් කොට තිබේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...