මැතිවරණයට වෙන් කළ මුදල් ලබාදෙන්න බැරි ඇයි ? – සජිත් අගමැතිගෙන් ප්‍රශ්න කරයි

Date:

2023 අයවැයෙන් මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අවස්ථාවක එලෙස වෙන් කළ මුදල් මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පැවැත්වීම රජයේ වගකීම බවත්, එක දිනක රාජ්‍ය වියදම මේ ආකාරයෙන් මැතිවරණය සඳහා යොදා ගැනීම මුදල් නාස්තියක් නොවන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම මුදල් ලබානොදීම වරප්‍රසාද කඩකිරිමක් බවත්, උත්තරීතර අධිකරණය මඟින් ඒ සඳහා නියෝගයක් පවා ලබා දී ඇති අවස්ථාවක, ඊට අනුගතව ක්‍රියා නොකිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මුදල් ලබාදුන් විගස මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය සූදානම්ව ඇති අවස්ථාවක, අදාල මුදල් ප්‍රතිපාදන මුදා නොහරින්නේ කුමන හේතුවක් නිසාදැයි සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...