“මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අත්හිටවනු ලැබුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විය හැකියි.” – හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Date:

සටහන – රෂිකා හෙන්නායක

හිටපු මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුනොකර එය අත්හිටවනු ලැබුවහොත් මෙරටට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුවකට එක්වෙමින් ඔහු ඊයේ (24) මෙසේ පැවසීය .

“පූර්ව ක්‍රියාකාරකම් ලෙස අප බොහෝ දේ කර ඇති නමුත් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන අනුව දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඇතුළු තව බොහෝ දේ කළයුතු බව පෙනීයනවා. මේ නිසා අප ලේසර් කිරණයක් මෙන් ඒ පිළිබඳ අවධානය යොමුකර ඒවා ක්‍රියාවට නංවමින් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉදිරියට යා යුතුයි. යම් හෙයකින් මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අත්හිටවනු ලැබුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විය හැකියි.”
“සමහර අය කියනවා අපි IMF වැඩසටහන් 15ක් 16ක් ලබාගත්තත් ඒ සියල්ල අසාර්ථක වූ බව. ඒ බොහෝ අවස්ථාවල ඒ සඳහා ගැටලුව වුණේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ පාර්ශ්වයෙන් වැඩසටහන් කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කළ නැති නිසයි. අපිට තිරසාර ලෙස මෙම අර්බුදයෙන් මිදීමට නම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකර ආර්ථිකයේ වර්ධනීය රාමුව ශක්තිමත් කළ යුතුයි. මෙවර අප එය සිදු නොකළහොත් ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ හෝ ලෙබනනය වැනි රටවල් අද මුහුණ පා ඇති තත්ත්වයට පත්විය හැකියි.”

“චීනයෙන් මෙවර අපිට අවශ්‍යවන්නේ ණය නොව ඔවුන්ට සුලබව පවතින ප්‍රාග්ධනය මෙහි යෙදවීමයි. ඔවුන්ට එලෙස ප්‍රාග්ධනය යෙදවීම චීන ණය මගින් මෙහි ගොඩනගන ලද යටිතල පහසුකම් හරහා සිදුකළ හැකියි. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි චීනය මෙහි ගොඩනැගූ යටිතල පහසුකම්වල වාසිය ලබමින් මෙහි ආයෝජන සිදුකරන්නේ නම් එයද ඉදිරි ආර්ථික වර්ධන මූලාශ්‍රයක් වනු ඇති.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...