රුපියල යළි අවප්‍රමාණය වෙයි!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයේ සුළු අවප්‍රමාණය වීමක් අද (27) දින සිදුව ඇති බව වාර්තා වෙයි.

මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විදේශ විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 314.82 ලෙසත්, විකුණුම් මිල රු. 332.58 ලෙසත් සටහන් වෙයි.

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අධිප්‍රමාණය වීම හමුවේ විවිධ මත පළවූ අතර, පසුව එහි ක්‍රමක්‍රමයෙන් අවප්‍රමාණය වීමක් පසුගිය කාලය පුරාවටම දිස් විය. ඉන් අනතුරුව, නැවත වරක් සුළු වශයෙන් අධිප්‍රමාණය හා අවප්‍රමාණය මාරුවෙන් මාරුවට වෙමින් අපැහැදිලි තත්ත්වයක් එහි පෙන්නුම් කළ අතර, අද වන විට එහි නැවත වරක් සුළු අවප්‍රමාණය වීමක් වාර්තා වී තිබේ.

මේ අතර, කළු වෙළඳපොල තුළ ඇමරිකානු ඩොලරය ඉහළ අගයන්වලට විකිණෙන බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...