*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

පාසල් සිසුවියකට ලිංගික අතවර කළ විදුහල්පතිට අවුරුදු 30ක සිරදඬුවම් !

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වූ හිටපු විදුහල්පතිවරයකුට බලපිටිය මහාධිකරණය විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙසේ සිරදඬුවම් නියම වූයේ අම්බලන්ගොඩ, ගොඩහේන කනිෂ්ට විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්. එම්. මර්වින් නමැති අයටයි. මෙම වසර 30ක සිරදඬුවම වසර 10ක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළ මහාධිකරණය අතවරයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද විත්තිකරුට නියම කළ අතර රුපියල් 15000ක දඩයක් ද නියම කළේය.

2004 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලය තුළ එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු සිසුවියකට ලිංගික අතවර කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා තීන්දු කළේ එම චෝදනා සියල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan