රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතාව පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මාර්තු 21 වැනිදා සිට එම පත්වීම ක්‍රියාත්මක බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාව පසුගියදා හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරුකර යවා තිබිණි.

RN