ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 අප්‍රේල් කලාපය

සත්සර ස්වර රස ධ්වනි මාලා
දෙතොලඟ හැඩවී රංගනයෙන් මුමුණාලා
ශ්‍රාවක හදසන්තානේ මිහිරාවෙන් ගැබ්ගන්වා
ගී මීවිත පොවලා දෙසවන් මත්කරලා
රසෝඝයේ උල්පත් ධාරා මතුකරලා
හිරු සඳුසේ ඔබ අවරගිරෙන් බැසලා
ජීවමානවම නින්නාදය ඒ නාද රටා ගී රැස් මාලා

-කෝ. ආනන්ද

සංස්කාරක: අනුර හෑගොඩ

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා