“හෙරළි පෙරළිය” ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි .

රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.

කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු “ගුවන් හමුදා හෙරළි පෙරළි”ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි .

ගුවන් හමුදා හෙරළි පෙරළි ග්‍රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳව අන්තර්ගත වී තිබීම ද විශේෂත්වයකි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...