උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ , උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් , එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

“ඉතා පැහැදිලිව ප්‍රකාශකරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ.. මේ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්‍යයි කියන පදනමින්. වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්‍යයේ උත්තර පත්‍ර බැලීම පමණයි නොකෙරෙන්නේ. දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර බලනවා කියලා. මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන සිංහලද දෙමළද කථාවක් නැහැ. මේ කටයුත්තට සහභාගී නොවන සියලුදෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණක් නෙමෙයි පාසල් ගුරුවරුත් ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය දිගින් දිගටම ඇදි ඇදි යන එකට අපි වගකිවයුතු නැහැ. ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ. රජය සුබවාදී ප්‍රතිචාරයක් දක්වනවානම් අපි ඕනෑම මොහොතක මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද මේකට විසඳුමක් දෙනවානම් හෙට පටන් අරගෙන මේ ඉදිරියට එන නිවාඩු දවස් කියලා නැහැ අපේ සාමාජිකයින් සූදානම් උත්තර පත්‍ර බැලීමට සූදානම්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...