හිටපු ඇමති රාජිත එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි

Date:

2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ,එම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් කොමිසම විසින් එම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයේ නීතිඥවරු වෙත භාරදුන් අතර ඒවා අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේ.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව දැනුම් දීම සඳහා නඩුව මාර්තු මස 30 වනදා නඩුව කැඳවන ලෙස නියම කරන ලදී.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර ඇත.

මෙහිදී අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ චෝදනා පහක් යටතේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...