රනිල්ගේ පෙත්සම සලකා බැලීමටත් දින නියම වෙයි

Date:

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව එම පෙත්සම මාර්තු මස 30 වනදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය අද (28) නියම කළේ.

මෙම පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න,ලෆාර් තාහීර් සහ ඩී. එම්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙස නියෝග කරන ලදී.

පෙත්සම මඟින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ පසුගිය යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කීපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත්කර ඇති බවයි. එහෙත් තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව පාලනය කෙරුණු බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.

එම ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරුම් සිදුකරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් වන අතර එම කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත්වීම් නොකළ බව රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සම මඟින් කියාසිටියි.

එහෙත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බවත් එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ විභාගයක් ලබා නුදුන් බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සිය පෙත්සමෙන් අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කණ්ඩලමේ හැඩකාරයා ඔබට ඉක්මන් සුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක්...

අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස්...

Empire Teas සිය 25 වන සංවත්සරයේදී ගෝලීයව්‍යාපාර සහකරුවන් මෙරටට රොද බඳියි

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක්...

නිලූකාගේ සහ සුගන්ධිගේ යුද අවිවලින් කෝල්ට්ස් විසුණු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ප්‍රබල යුද හමුදා කණ්ඩායමේ කඩුලු...