ඩොලරය ලෝක සම්මතයෙන් ගිලිහේද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ , අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බවයි. බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් ගැන යෝජනා කරන වාතාවරණයක අමෙරිකානු හිටපු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙවැනි අදහසක් ,

“අපේ මුදල් ඒකකය පහත වැටෙමින් පවතිනවා. ලෝකයේ අපිට හිමි වෙලා තියෙන ස්ථානය අහිමි වෙමින් පවතිනවා. මේක තමයි අවුරුදු 200 කින් පමණ පසු අපි ලබන දරුණුතම පරාජය.එයින් අපේ රටට ලෝකයේ පවතින බලය අවම වනවා. එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවහොත් ඔවුන් කිසිවෙක් බයිඩ්න් රජය තරම් හානියක් කරලා නැතුව ඇති. අපි දැන් කඩා වැටෙමින් පවතින රාජ්‍යයක්. අපි ප්‍රතික්ෂේප වෙමින් සිටින රාජ්‍යයක් වෙලා. ඒක වෙන්න ඉඩ දෙන්න බෑ.”

තවද , සිය රටට ආයෝජන ගෙන්වා ගැනිමේදී ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු බව චීනයේ සංචාරයක් අවසන් කර සිය රටට පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත.

“ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස මා යෝජනා කළ මූලික අදියර පිළිබඳව ආසියාවේ එතරම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට හේතුව ඒ වන විට ඇමෙරිකානු ඩොලරය ඉතා ශක්තිමත් වීමයි. නමුත් දැන් චීනයේ, ජපානයේ සහ වෙනත් ආසියානු රටවල ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් ආසියානු මූල්‍ය අරමුදලක් ගැන මම කළ ඒ යෝජනාව සාකච්ඡා කළ යුතුයි කියා සිතනවා. එමෙන්ම මැලේසියාව වැනි රටකට අයෝජන ගෙන්වා ගැනිමේදී අමෙරිකානු ඩොලරය මත තවදුරටත් යැපීමට හේතුවක් නැහැ. මැලේසියාව අනෙක් රට සමග සාකච්ඡා කර දෙරටේම මුදල් භාවිතා කළ යුතු යැයි මම සිතනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...