මහජන මුදල් කොල්ල කන්න පස්ස දොරෙන් එන නීති ගැන නාලක ගොඩහේවා කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාධ්‍යට අදහස් දක්වමින් නාලක ගොඩහේවා මහතා පවසන්නේ , ජනතාවට හෙන ගැහුණත් ලොක්කට ඕනේ විදියට අත උස්සන පාර්ලිමේන්තු මංත්‍රීවරු ප්‍රිසක් ආන්ඩු පක්ෂය තුල ඉන්නා බැවින් සියලු නීති සම්මත කරගන්න ජනාධිපති වරයා බලාපොරොත්තු වන බවයි .

මේ පිළිබඳ වැඩිදුරටත් පැවසූ ඒ මහතා,

” IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට නීති ගේනවා කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ලඟදී කියලා තිබුනා. මේක හරියට “IMF ගිවිසුම ක්‍රියාත්මක කරනා බවට අපි ලේ වලින් අත්සන් කරලා පොරොන්දු වෙනවා” වගේ කියමනක්නේ. මේ ගිවිසුමේ ක්‍රියාත්මක කරන්න අමාරු එහෙමත් නැත්නම් ජනතා විරෝධය එල්ල විය හැකි මොනවා හෝ තිබෙනවාද කියන සැකය ඒ ප්‍රකාශයෙන් කියවෙනවා.

මේ ගැන යම් ඉඟියක් 2023 මාර්තු මාසේ මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ඒකබද්ධව ආයෝජකයන් වෙනුවෙන් කරනා ලද සම්මන්ත්‍රණයක් ලිපි ලේඛණ අධ්‍යයනය කරාම ලැබෙනවා. මේ ඉදිරිපත් කිරීම කරලා තිබුනේ මහබංකු අධිපතිතුමා හා මහා භාන්ඩාගාරයේ ලේකම් තුමා විසින්. IMF සමඟ ණය සම්බන්ධයෙන් එකඟ වී ඇති කරුණු මේ ලිපි ලේඛණ වල සවිස්තරාත්මකව තියෙනවා.

ඒවාට අනුව 2023-2027 අතරව්‍ය්‍ය් වසර 5 ක කාලය තුල ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 29.5 ක් ණය ගෙවිය යුතුයි. මේ ණය වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක බහුපාර්ශවික ණය හා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක අළුතින් ලබා ගන්නා ණය හැරුණ විට ඉතුරු ණය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9 න්ම යම් කොටසක් කපා හරිනා ලෙස ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතයි. IMF යෝජනාවල තියන විදියට මෙය ඒ ණය හිමියන්ට ගෙවන්න තියෙන ණය වලින් 30% ක් පමන අඩු කරවා ගන්නට උත්සාහ කල යුතුයි.

බලලා මල්ලෙන් එලියට පනින්නේ මිලඟටයි.

මහබංකු අධිපතිතුමා හා මහා භාන්ඩාගාරයේ ලේකම් තුමා විසින් කල ඉදිරිපත් කිරීම අනුව විදේශ නය වලට අමතරව දේශීය ණය ට්‍රිලියන 13.1 කුත් ප්‍රතිව්‍යුහගත කල යුතුයි. ඒ කියන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් පමන මුදලක්. සාමාන්‍යයෙන් රටේ පසුගිය වසරවල රාජ්‍ය ආදායම වගේ 10 ගුණයකට ආසන්න විශාල මුදලක් මේ දේශීය ණය. රජය මෙතෙක් රටට හෙලිදරව් නොකල බයානක ප්‍රවෘත්තිය මෙයයි.

කවුද මේ ණය වල හිමිකරුවෝ. රටේ බැංකු පද්දතිය, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රජයට ණය දෙන් විවිධ ආයතන, කොටින්ම මේ රට මහජනතාව. මොකද මහජනතාව ගේ තැන්පත් මුදල් තමයි මේ ආයතන රජයට ණයට දීලා තිබෙන්නේ,

ඔවුන් රජයට විවිධ ක්‍රමවලින් ලබා දී ඇති වලින් 30% පමන කපා හරින්න සිදුවුනොත් IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්න මොනතරම් බරපතල අර්බූධයක් නිර්මාණය වෙනවාද. මේ සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න බැරි කරන්නට තමයි ආන්ඩුව දැන් අළුතින් පාර්ලිමේන්තුවට නීති ගෙනැවිත් සම්මත් කරගන්නට හඳන්නේ. ජනතාවට හෙන ගැහුණත් ලොක්කට ඕනේ විදියට අත උස්සන පාර්ලිමේන්තු මංත්‍රීවරු ප්‍රිසක් ආන්ඩු පක්ෂය තුල ඉන්නා නිසා මේ නීති සම්මත කරගන්න ජනාධිපති වරයා බලාපොරොත්තු වෙනවා ඇති”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...