ගැබිනි මවක් එන්නතකින් මරුතුරුලට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට සිටි ගර්භණී කාන්තාවකට එන්නතක් ලබා දීමෙන් පසුව ඇය මිය යාමට හේතුව කුමක්දැයි සෙවීම සඳහා පරීක්‍ෂණයක් පවත්වයි.

වර්තා වන අන්දමට ඇයට එන්නත් කර තිබෙන්නේ Bupivacaine 0.5% + Glucose 8% නමැති එන්නතයි.

මේ වන විට එම එන්නත රජයේ රෝහල්වල පාවිච්චි කිරීම අත්හිටුවා තිබෙන බව කල විමසුමකදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර පවසා ඇත.

එසේ අත්හිටුවීම කර තිබෙන්නේ එම එන්නත ලබාදුන් ගර්භණී කාන්තාව මිය යාමේ සිද්ධියෙන් පසුව ය.

එන්නත මෙරටට ඇණවුම් කළ ටෙන්ඩරයේ ඇණවුම් අංකය වන්නේ ‘E01 Order / 2022 / MSD/V/R/P/00076’යි.

එම එන්නත රජයේ බෙහෙත් ගබඩාවට සපයා තිබෙන්නේ 2023.02.13 වන දිනදී ය. ඇණවුමට අනුව සපයා ඇති එන්නත් සංඛ්‍යාව 68,750කි.

වාර්තා වන අන්දමට ඉහත සඳහන් එන්නත මෙරටට ගෙන්වීමට ලියාපදිංචියක් අවශ්‍ය බව ද, අදාළ එන්නත මෙරටට ගෙන්වීමට අවසරය ඇති ලියාපදිංචි සමාගම් තුනක් ටෙන්ඩරයට සහභාගි වුවත් ලියාපදිංචි නොවූ සමාගමට ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ටෙන්ඩරය ප්‍රදානය කරනු ලැබ තිබේ.

මෙම ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ද වන වෛද්‍යවරයෙකි.

ලංසු කැඳවීමේදී ලියාපදිංචි සමාගම් සිටිය ද එසේ ලියාපදිංචි නොවූ සමාගමකට ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන් ප්‍රසම්පාදන කමිටුව බරපතළ වරදක් කර තිබෙන බව පැවසේ.

මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර කීවේ මෙම එන්නත මෙරටට සැපැයූ ආයතනය කලකට පෙර ලියාපදිංචිව සිට ඇති බවත් එම වලංගු කාලය අවසන් වීමෙන් පසුව නැවත ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ යුතු බව ත් ය. එහෙත් එම ආයතනය නැවත ලියාපදිංචිය ලබා ගැනීමට ඉල්ලීමක් කර නැති බව ද ප්‍රධාන විධායක නිලධාරිවරයා කීවේ ය.

මේ කාන්තාව මිය යාම පිළිබඳව පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්නගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිතවම යමක් ප්‍රකාශ කළ හැක්කේ පරීක්‍ෂණ වාර්තාවෙන් අනතුරුව බව ද ඒ මහතා කීය.

මෙම ගර්භණී කාන්තාව සඳහා භාවිත කළ ඖෂධය ලියාපදිංචි නොකළ සමාගමකින් ලබාගත් ඖෂධයක් නොව පරිත්‍යාගයක් වශයෙන් රෝහලට ලද ඖෂධයක් බව ද එකී අධ්‍යක්‍ෂවරයා පැවසීය.

මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශයන් සිදු කළද නිශ්චිතව ම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ හැක්කේ පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව බවද මේ දක්වා ඒ සම්බන්ධයෙන් පවතින්නේ සැකයක් පමණක් බව ද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උපුටා ගැනීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...