ජපානයේදී මියගිය සඳමාලිට සාධාරණය ඉෂ්ඨ වේවිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ පැවසීය .

එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරන අතර , වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජපානයේ නගෝයාහි සංක්‍රමණිකයින් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස විශ්මා සඳමාලි ජීවිතයෙන් සමුගන්නේ 2021 වසරේදීය.

කෙසේවෙතත් විශ්මාගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැතිවීම ගැටලු සහගතවීම නිසා ඇයගේ පවුලේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විශ්මා රැඳීසිටි කාමරයේ CCTV දර්ශන ලබා දෙන ලෙසයි .ඊට ප්‍රතිචාර දක්වන ජපාන රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 06 වනදා දක්වා විශ්මා රැඳීසිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ අවධානයක් හිමිවන්නේ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් එම දර්ශන පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ජපානයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟය.

ඊයේ පස්වරුවේ ජපානයේ කැබිනට් හමුවෙන් අනතුරුව ජපාන අධිකරණ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසීමක් කර තිබුණේ මෙම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමගයි.

එහිදී අදහස් දැක්වූ ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ මහතා,

“මෙම වීඩියෝ දර්ශන රජය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ දර්ශනයි. මෙම විඩීයෝ දර්ශන පැය 5ක පමණ කාලයක් වන අතර එම දර්ශන අධිකරණයේ විභාග කිරීමට නියමිතයි. මෙම වීඩියෝ දර්ශනවලින් කොටසක් පැමිණිලිකරු විසින් අනවසරයෙන් සංස්කරණය කර ඇති අතර එම දර්ශන ජනමාධ්‍ය වෙත ලබාදී මහජනතාවට මුදාහැර තිබෙනවා.”

ජපානයේ ශ්‍රී ලංකා කන්සියුලර් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසන්නේ , විශ්මාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...