*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

රජයේ දුර්වලතා අකාර්යක්ෂතා මගහරවා ගැනීම සඳහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක වත්මන් රජය නිතර වී ඇති බවත් මේ වන විට විවිධ බොරු නිර්මාණය කරමින් එම බොරු නැවත නැවත කියමින් සමගි ජන බලවේගය වත්මන් රජය සමඟ එකතු වීමේ සූදානමක් පවතින බවට වන ව්‍යාජ රාවයක් මාධ්‍ය හරහා පතුරවමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අරගලය තුළින් ජනතාව ඉල්ලා සිටි වරප්‍රසාද වරදානවලින් තොර දේශපාලන ක්‍රමයක් වුවත් වත්මන් රජයේ සමහර පාර්ශ්ව මේ ඉල්ලීම් නොසලකා හරිමින් විපක්ෂයේ මනත්‍රීවරු මුදලට බා ගැනීමේ කුමනත්‍රණයක නිරත වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එබැවින් ජනතාව ප්‍රතික්ෂේප කළ ඒ අල්ලස් දේශපාලනය, තක්කඩි මජර දේශපාලනය කරන පාර්ශ්ව සමග කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකතු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක්වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුවතට ප්‍රතිචාර දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එබැවින් ජනතාව විසින් තීන්දු කරන ජනවරමක් හරහා ආණ්ඩුබලය ලබා ගන්නවා මිස කුණු ගොඩවල් සමග එකට එකතු වී කටයුතු කිරීමට කිසිසේත්ම සූදානමක් නොමැති බවත් මේ අවස්ථාවේ රටට ඇති එකම උත්තරය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එබැවින් සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක් නොවන බවත් එවැනි සාකච්ඡා පක්ෂය තුළ හෝ ඉන් පිටත සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan