බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අද (09) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර දිස්ත්‍රික්ක 02ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ බදුල්ල සහ රත්නපුර දිස්ක්‍රික්ක සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.
RN