ධනුෂ්කගෙන් ඇමෙරිකාවේදී ලෝකඩ පිම්මක්

Date:

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවට අයත් මිරාමර් හී පිහිටි ඇන්සින් ක්‍රීඩා සංකිරණය කේන්ද්‍ර කරගෙන පැවති ම්රාමර් ආරාධිත මලල ක්‍රීඩා සූරතාවලියේ දුර පැනීමේ ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගන්නට ධනුෂ්ක සඳරුවන්ට හැකියාව ලැබුණා.ඒ මේ වසරේ ඔහු වාර්තා කළ හොඳම පිමිමේ දුර දෙවන වරටත් වාර්තා කරමින් මීටර් 7.92 ක් දක්ෂතාවයක් දක්වමින්.ඔහු ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේ මීටර් 8 ක් දුර පැනීමේ සංචිතයට එකතු වෙමින් මීටර් 8.03 ක් දක්ෂතාවයක් පෙන්නූ ක්‍රීඩකයෙක් ද වෙනවා.

ඔහු තෙවන ස්ථානය දිනූ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ඇමෙරිකාවේ විල් විලියම්ස් මීටර් 8.25 ක දක්ෂතාවයක් සහිත පිම්මක් පනින්නට සමත් වුණා.එය ඔහුගේ මලල ක්‍රීඩා ජීවිතයේ හොඳම දුර පැනීම ලෙස සටහන් වෙනවා.දෙවන ස්ථානය දිනා ගත්තේ ජපානය යි.නට්සුකි යමකාවා මීටර් 8.00 ක දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානයට පත් වුණේ කාලීන හොඳම දක්ෂතාවය වාර්තා කරමින්.
ධනුෂ්ක ගේ පිමි සියල්ලම නිල පිමි ලෙස වාර්තා වීමත් හොඳ දරා ගැනීමක් සහිතව තරගයේ අවසානය දක්වා වර්ධණයක් පෙන්වීමට දක්වන සමත් භාවයත් මෙහිදී කැපී පෙණුනා.ඔහු තමන්ගේ හයවන පිම්ම මීටර් 7.92 ක් සේ වාර්තා කළ අතර පස්වන සහ හයවන පිමි සළකද්දී එම පිමිවල ධනුෂ්කගේ දක්ෂතාවයන් අන් ක්‍රීඩකයන්ගේ පස්වන සහ හයවන පිමිවලට වඩා ඉහළින් තිබුණා.(ප්‍රතිපල ලේඛණය මෙහි ඇත)

එක දිගට තරග කරමින් ඉහළට යාමට දුර පැනිම වැනි ඉසව්වකදී ඇති හැකියාව ජාත්‍යන්තර පිටියේ දී වුව දුලබ කරුණක් වන අතර, කයින් හා මනසින් ඒ ආකාරයට තරගයේ යෙදෙන්නට ඇති ශක්තිය අතිශයින් වැදගත් දෙයක් වෙනවා.ධනුෂ්කගේ මේ ගුණයත් සමඟ ඉදිරියේ දී නැවත මීටර් 8.03 ක සීමාව ඉක්මවා ඔහුගේ උපරිමය දියුණු කර ගන්නට අවස්ථාව හිමිවෙනු ඇතැයි අප අපේක්ෂා කරන අතර එය සැබෑවක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.
ධනුෂ්ක ගේ නීත්‍යානුකූල පිම්ම මෙන්ම ශක්තිය සම්බන්ධයෙන් දක්වන වැදගත්කම ගැන මෙම තරගයෙන්ම උදාහරණයක් ගත හැකි අතර ඔහුට පිටුපසින් මෙම තරගයේ සිව්වැන්නා වූයේ ඉතිහාසයේ ලෝක මලල ක්‍රිඩා සුරතාවලියක දුර පැනීමේ ඉසව්වට ජැමෙයිකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දුන් ටජේ ගේල් ගේ දක්ෂතාවයි.ඔහුගේ පිමිවලින් නිල මට්ටමට තිබුණේ එක පිම්මක් පමණක් වූ අතර එය මීටර් 7.76 ක් සේ ඔහුව පස්වන තැනට පත් කළා.ටජේ 2019 දී දෝහා හී පැවති ලෝක මලල ක්‍රීඩා සුරතාවලියේදී මීටර් 8.69 ක් දක්ෂතාවයක් දක්වා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයා වන අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ආබාධයක් විසින් ඔහුගෙ ඉදිරිය වැළක් වුව ද ඔහු එහිදී දැක් වූ මීටර් 8.14 ක පිම්ම මුලික තරග නිමාවේ ඔහු 11 වන තැනට ශ්‍රේණිගත කර තිබුණා.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ වර්ජනයක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : අද (25) දින...