අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්යයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බවත් , එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බවයි සඳහන් වන්නේ. බදු අයකිරීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව මගහැර සිටින අතර ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා කැමැත්ත පළකර තිබෙන නමුත් , බලධාරීන් පවසන්නේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට හැකියාවක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...