අප්‍රේල් 25ත් ජන්දය නැහැ – ජන්දේ ඉල්ලන රාජ්‍ය සේවකයන්ට සුභ පණිවිඩයක් (VIDEO)

Date:

කොළඹ LNW: පවතින තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදාත් පැවැත්විය නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේය.

ඒ,අද (10) අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් අතර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි අද (10) පැවැත්වුණා.

ඊට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාද සහභාගී වී සිටියේය.

මෙම සාකච්ජාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එළඹෙන අප්‍රේල් 25 වැනිදා මැතිවරණය නොපැවැත්වෙන හෙයින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු 09 සිට අප්‍රේල් දක්වා මූලික වැටුප ගෙවීමට කටයුතු කර තිබෙන අතර අප්‍රේල් 25න් පසු එම අය ජන්දය ඉල්ලන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටතට අනුයුක්ත කර වැටුප් ගෙවීමට කටයුතු කරන බවයු.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටි ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර තීරණයක් ගන්නා බවද රාජ්‍ය අමාතයවරයා සඳහන් කළේය.

රජයේ පාර්ශවය සහ මැතිවරණ කොමිසම අතර ඉතා සුහදව සාකච්ජාව පැවැත්වුන බවයි ඔහු කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්