“ඔබට ගෙයක් – රටට හෙටක්”

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අඩුආදායම් ලාභී, ස්ථීර නිවසක් නොමැති අය වෙනුවෙන් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50%ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

ඒ අනුව, 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබෙන අතර , 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 1,215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇති අතර , මිනුවන්ගොඩ ආසනය තුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ.

මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර ඇතිබව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන අතර , මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට ද මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ යටතේ ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...