අසත්‍ය චෝදනාවකට වසර 10ක සිරදඬුවම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින පුද්ගලයන්ගේ එම ප්‍රකාශන ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඕනෑම අයෙකුට පරීක්ෂා කිරීමේ හැකියාව යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත මගින් සලසා ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන අතර , නව නීතිය මගින් මෙරට ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය ද වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුුතු බවට ඇතුළත් කර තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ පර්යේෂණ අංශයේ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර මහත්මිය ඒ බව පැහැදිලි කළේ මෙසේය .

“යෝජිත දූෂණ විරෝධී කෙටුම්පත.. සාධනීය වෙනසක්ම් කිහිපයක්ම මේ පනත් කෙටුම්පත තුළ තියෙනවා. මේ නීතිය අදාළ වන සියලුම දෙනා.. තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන දිය යුත්තේ අල්ලස් කොමිසමට. ඒ වගේම එම ප්‍රකාශන මේ නීතියට අනුව යම්කිසි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා.. සංවේදී තොරුතුර ඉවත්කරලා.. ජනතාවට ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට එම පද්ධතියට ඇතුළත් කරනවා.”

“මේක ඉතා ප්‍රගතිශීලි වෙනසක්. ඒ වගේම තමයි මේ වත්කම් බැරකම් නීතිය වෙනස් වෙනකොට ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරියත් මෙයට ඇතුළත් කරලා තියෙනවා. මේ යෝජිති පනත් කෙටුම්පත හරහා අල්ලස් කොමිසමට වැඩිපුර විමර්ශන බලතල දීලා තියෙනවා.”

“ප්‍රධාන ගැටලු දෙකක් දකිනවා. මෙම නීතියේ තිබෙන වගන්ති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ සියලුම අනෙක් ලිඛිත නීති අබිබවා යන ප්‍රවණතාවයක් අපි දකිනවා. දෙවන කාරණාව තමයි අපට තිබෙන ප්‍රධානතම ගැටලුව 119 කියන වගන්තිය.. යම් අයෙක් අසත්‍ය චෝදනාවක් බව දැන දැන පැමිණිල්ලක් සිදු කළොත්, එය ඔප්පු වුණොත් අධිකරණයේදී.. රුපියල් මිලියනයක් දක්වා දඩයකට යටත් වෙනවා. ඒ වගේම වසර 10ක් දක්වා යන්න පුළුවන් සිරදඬුවමකට. ඒ වගේ වගන්තියක් තියෙන එකෙන් වෙන්නේ… මේ හරහා දූෂණයට විරුද්ධ අයව අධෛර්යමත් වෙන එක.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...