පලස්තීනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පලස්තීන රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවට!

පලස්තීනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පලස්තීන රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය මායි අල්-කයිලාහ් මැතිනිය හමුවෙයි.

පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වන නාවලගේ බෙනට් කුරේ මැතිතුමා 2022 ජනවාරි මස 20වන දින රමල්ලා හි දී පලස්තීන රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරිය හමු වූ අතර දෙරටෙහි වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීය. පලස්තීනයේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව පැහැදිලි කළ ආචාර්ය මායි අල්-කයිලාහ් මැතිනිය එන්නත් මාත්‍රා දෙක මෙන් ම බූස්ටර් මාත්‍රාව ලබාගත් පලස්තීන ජනතාවගේ දත්ත සහ සංඛ්‍යාලේඛන පෙන්වා දුන්නාය.

මෙහි දී ශ්‍රී ලංකා නියෝජිත කුරේ මැතිතුමන් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවන් පිළිබඳව මෙන් ම එතෙක් පැවති අන්තර්ජාතික සමුළුවලදී ශ්‍රී ලංකාව පලස්තීන රාජ්‍යය වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව සඳහන් කළේය.  ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 85%කට අධික පිරිිසකට එන්නත් දෙක ම ලබා දී ඇති බව එතුමා වැඩිදුරටත් පැවසීය.

සියලුම පලස්තීන වැසියන්ට විශේෂයෙන් වසංගතයෙන් සෘජුවම පීඩාවට පත් වූවන්ට නිරෝගී සහ සැපවත් ජීවිතයක් අත් කර දීමට පලස්තීන රජය උපරිම උත්සාහයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. තවද, ඖෂධ ආනයනය සහ අපනයනය තුළින් දෙරටටම ප්‍රයෝජනවත් විය හැකි ශක්තිමත් සම්බන්ධිතයක් දෙරටේම සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඇති කිරීමට එතුමිය විසින් යෝජනා කරන ලදී.

පලස්තීන අමාත්‍ය ආචාර්ය මායි අල්-කයිලාහ් මැතිනිය පලස්තීනයට සහ එහි ජනතාවට දීර්ඝකාලීනව ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය ස්තුතිය පුද කරමින් මෙම හමුව අවසන් කළාය.

ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය

රමල්ලාහ්

2022 ජනවාරි 28 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...