ගෝල්ෆේස් තහනම ගැන ….

අපි දැක්කා පසුගිය වසරේ ජනතාව මිලියන ගනනනින් පාරට බැහැපු මොහොතේ උතුරේදී සහ දකුණේදී වාර්තාගත ලෙස මර්ධනය දියත් කරපු හමුදාවල් තුවක්කු අතේ තියාගෙනත් උඩබලාගෙන හිටපු හැටි..

පාලකයන්ගේ අවි ගබඩාවල ඇති උන්ඩවල ප්‍රමාණයට වැඩිය පාරට බහින ජනතාවගේ ප්‍රමාණය වැඩිනම් උන්ගෙ උන්ඩවලින් කොරන්ට පුළුවන් මගුලක් නෑ කියන එක තමා ප්‍රංශ විප්ලවය ලෝකෙට උගන්වපු පාඩම.

ගියවසරේ ගෝල්ෆේස් අරගල කරුවන් ජනාධිපති මන්දිරයට, අගමැති මන්දිරේට කඩාවැදුනේ පාලකයෝ සම්මත කරලා තිබුන නීතියට අනුකූලවද..? ඒ නීතිය ඒ මොහොතට අදාලව වලංගුව පැවැතියේද..?

නිති රීති වලට යටහත්ව මිනිසුන් ජීවත්වන්නේ මිනිසුන්ගේ ජීවන තත්වය සාමාන්‍ය තත්වයක් යටතේ පවත්නා තාක් කල් පමණි. මිනිසුන්ගේ ජීවන තත්වයන් යහපත් නම් නීති පැවතියා හෝ නැතා හෝ ඔවුන් දේශපාලන ප්‍රචන්ඩත්වයන් කරා හෝ අරගලය කරා පය තබන්නේ නැත. නමුත් ඔවුන්ගේ ජීවන තත්වයන් අතිශය කෘර නම් මුළු ගෝල්ෆේස් බූමියම කාල තුවක්කුවලින් වසා දැමුවද, ගෝල්ෆේස් බූමිය මිග් යානාවන්ගේ අංගයනයක් බවට පත්කර තිබුනද මොන පනතේ කෙසේ සඳහන්ව තිබුනද පාලකයන්ට මහජනයාගේ කඩාවැදීම එදාට වලක්වා ගත නොහැකි වනු ඇත..

මාක්ස් පැවසූ පරිදි සියල්ලෙහි ගාමක බලවේගය ආර්ථිකයයි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...