ඇන්ජලෝ එළියෙන් තියයි ද?

Date:

මේ දිනවල නිවැරදි රිද්මයට පැමිණ නැති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් වන ඇන්ජලෝ මැතිවිස් විවේක අයර්ලන්තය සමඟ වන දෙවන ටෙස්ට් තරගයෙන් විවේක ගැන්විමට ඉඩ තිබෙන බව වාර්තා වෙයි.එවැනි තිරණයක් ක්‍රියාත්මක වුවහොත් එම අවස්ථාව තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙණ්ඩිස්ට හිමිවනු ඇත.

ඇන්ජලෝ වැනි අත්දැකිම් ඇති ක්‍රිඩකයෙක් ලකුණු සොයමින් වෙහෙසෙන මොහොතක කෝඩුකාර අයර්ලන්තය වැනි කණ්ඩායමක් ඉදිරියේ පසුබෑමට දීම නුසුදුසු ව ඇතැමෙකුගේ අදහස වි ඇත.වඩාත් තීරණාත්මක තරගාවලියකදි දක්ෂ කණ්ඩායමක් සමඟ අයර්ලන්තය සමඟ තරගයකට වඩා ඇන්ජලෝ වැදගත් වනු ඇතැයි ද එම මතය දරණ පිරිසගේ අදහස වි ඇත.ඒ අනුව අලුත් ක්‍රීඩකයෙක්ට අවස්ථාව දීම උචිත බව ඇතැමෙකුගේ අදහසය.

කමිදු එක් ටෙස්ට් තරගයකට සහභාගි වි ඇති අතර එහිදි එක් ඉණිමක් පමණක් ක්‍රිඩා කොට ලකුණු 61 ලබා ගෙන ඇත.නමුත් දක්ෂතා දැක් වුව ද නැවත කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුණු කමිඳු නැවත අත්දැකිමක් ලබා දී ඊ ළඟ පෙළට සූදානම් කර තබා ගැනීමට මෙය අවස්ථාවක් ද විය හැකිය.කෙසේ වුව ද ඇන්ජලෝ මැතිවිස් යනු ටෙස්ට් ජීවිතයේ අවසානයට ළඟා වී නැති තව දුරටත් ක්‍රීඩා කළ හැකි අයෙක් බව ඔහුව විවේක ගැන්විය යුතු බවට අදහස දරන අයෙගේද විශ්වාසය වී ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...