*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

රටේ වැදගත් දේ යටපත් කරන්නේ කවුරුන්ද ? වහාම හෙළි කළ යුතුයි – ඩලස්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ වර්තමාන දේශපාලන කතාබහ තුළ වැදගත් මාතෘකා කිහිපයක් ප්‍රධාන කොට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිදහස ජනතා සභාවේදී අද(21) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කරුණු පැහැදිලි කළේය .

ඩලස් අලහප්පෙරුම මහතා දැක්වූ අදහස් පහතින් ,

” මීට වසර දෙකකට ආසන්න කාල සීමාවකදී අපේ මුහුදු සීමාව ආසන්නයේ අනතුරට ලක් වූ ලක්වූ express පර්ල් නෞකාව පිළිබඳව ඔබ කවුරුත් දන්නවා . නමුත් මේ පිළිබඳව තිබුණු කතාබහ මාධ්‍ය අවකාශයෙන් මෙන්ම සමාජය තුළිනුත් අද නැවතිලා . නමුත් එය සිදු නොවිය යුතු තත්ත්වයක් . තත්ත්වය මෙහෙම තියෙද්දී තමයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වන්නේ …

ඒක ඉතාම බරපතළ තොරතුරු සහිත ප්‍රකාශයක්. එතුමාගේ ප්‍රකාශය තමයි express pearl නෞකාවේ සිදුවීම යටපත් කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් හෙවත් රුපියල් කෝටි 8000 ට වැඩි මුදලක් ශ්‍රී ලාංකිකයෙකුගේ, සිංහල නමක් සහිත පුරවැසියෙකුගේ ගිණුමකට බැර කර ඇති බව. මෙම මුදල ඔහුට ලබාදී ඇත්තේ මෙම සිදුවීම යටපත් කිරීමටයි.

එසේනම් මෙම සිද්ධිය යටපත් කිරීමට හැකියාවක් ඇති පුද්ගලයෙක් මෙම මුදල ලබාගෙන ඇතැයි යන සැකය අප හටද මතුවෙනවා. මේ ප්‍රකාශය පොලිස්පතිවරයාට යොමු කරන්නේ රටේ වර්තමාන අධිකරණ කැබිනට් අමාත්‍යවරයා , එනිසා මෙය සුළුවට ගත යුතු තත්ත්වයක් නොවන බවයි මගේ හැඟීම. ප්ඒ නිසා මේ මුදල් කන්දරාව ගත්තේ කවුරුන් ද මේ සිද්ධිය යටපත් කරන්නේ කවුරුන්ද යන්න රටට වහාම හෙළි කළ යුතුයි …

මේ මුදල් ගත්ත පුද්ගලයින් මෙම සිදුවීම හරියටම සිදුකරමින් තිබෙන බව අද වන විට පෙනී යමින් තිබෙනවා . මෙම සිදුවීමට නඩු පැවරීමට වසර දෙකක කාලයක් ඉතිරිව තිබුනත් අද (අප්‍රේල් 21 වැනිදා) වන විට ඉතිරිව ඇත්තේ තව දින විසි අටයි . මෙම දින කීපය ගත වූවායින් පසුව එම සමාගමට එරෙහිව නඩු පැවරීමට නොහැකි වනවා සේම අපට ලබාගත හැකි ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 කට ආසන්න වන්දි මුදල අහිමි වී යන තත්ත්වයකට පත්වන බව තමයි තොරතුරු වාර්තා වන්නේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක වගේ විශාල මුදලක් ගැන අවධානය යොමු කරද්දී අපිට කියන්න තියෙන්නේ අපි රටක් ජාතියක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ සියළු කොන්දේසි වලට යටත්ව නොවදින වැඳුම් වැඳ ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල මෙන් දෙගුණයක මුදලක් . එය ණයක් නොව අපට ලැබිය යුතු වන්දි මුදලක් . මෙම නෞකා සිදුවීමෙන් අනතුරුව මේ කාලසීමාවෙන් වැඩි කාල කාලයක් රටේ ජනාධිපති වරයා විදිහට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඔහු අද වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපල රාජසන්තක කරන්න කතා කරමින් ඉන්නවා .

හැබැයි රටට හිමිවිය යුතු වන්දි මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක වන්දි මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීම හෝ ඉදිරි නෛතික කටයුතු කිරීමට එවැනි අවධානයක් හෝ යොමු කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි යන්න අද ජාතිය ඉදිරියේ පවතින බරපතළ ප්‍රශ්නයක් බව මගේ හැඟීමයි. විජයදාස රාජපක්ෂ මහතා පවසන ආකාරයට මෙම මුදල් ලබාගත්තේ දේශපාලකයෙක් ද? රාජ්‍ය නිලධාරියෙක් ද? දේශපාලකයෙක් ගේ සහායකයෙක් ද ?යන්න ජනතාව දැනගත යුතුව පවතිනවා .

මෙම නෞකාව අපගේ සමුද්‍ර පරිසරයට සිදු සිදුකල හානිය අතිමහත් . පරිසර දූෂක ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් අසූ දහක් පමණ මෙතුළින් සාගරයට පතිත කරනු ලැබුවා. මෙහි හානියේ තරම එතුළින් අවබෝධ කරගත හැකියි.
ඒ නිසා අනිවාර්යෙන්ම මීට විරුද්ධව අප කටයුතු කළ යුතුව පවතිනවා. එසේ තිබියදී මෙම කටයුතු හිතාමතා හිතා මතා මග හැරෙමින් සිටීම බරපතළ තත්ත්වයක් .

ඒ වගේම ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳවත් අවධානය යොමු කළ යුතුව පවතිනවා .මේක ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ලෙස හැදින්වුවද
මා හඳුන්වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කිරීමේ පනත ලෙසයි . ත්‍රස්තවාදියා යන්න පුද්ගලයකු සම්බන්ධයෙන් නිර්වචනය කරන්න, අත්අඩංගුවට ගන්න රඳවා තබා ගැනීමටත් බලය හිමි වෙන්නේ කාටද කලින් එහි බලය හිමි වූයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට
නමුත් මෙම බලය රටේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරුන් හැට තුන් දෙනකු අතට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා .

මෙය ඉතාම බරපතළ තත්ත්වයක් .පොලිස් රාජ්‍යයක් ගැන කතා කරපු අපිට එහි ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට හැකිවන බව මෙතනින් පේනවා . මෙහිදී මතක් කළ යුතු කරුනක් තිබෙනවා ඒ තමයි මෙවැනි පනතක් පසුගිය අප්‍රියෙල් වනවිට ශ්‍රී ලංකාව තුළ බලාත්මක ව පැවැතියේ නම් වර්තමාන ජනාධිපතිවරයා සහ
ඔහුගේ කාර්ය මණ්ඩලයේ බහුතරයකට අද වන විට හිඳීමට සිදුවන්නේ වැලිකඩ හෝ මහර බන්ධනාගාර වල . මොකද ඒ වකවානුවේ දී ඔහු සහ ඔහුගේ උපදේශකයන් කටයුතු කළ ආකාරය අපට මතකයි .

ඒ වගේම මේ පනත මගින් මාධ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල කරනවා , එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් හුස්ම හෙළීම ක් ලෙස හැඳින්විය හැකියි .දියුණු ප්‍රජාතන්ත්‍රවාදය කුළුනු හතරක් තුළ තමයි පවතින්නේ ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය සහ මාධ්‍ය ඒ කුළුණු හතරයි . මින් කුළුණු දෙකක් විනාශ කර දැමීමට තමයි ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ . මෙය සමාජය සහ මාධ්‍ය තුළ කතා බහට ලක් විය යුතුයි .

ඒ වගේම නිදහස ජනතා සභාව විදිහට අපි අපේ මංගල මැයි රැලිය ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා . නිදහස රටට මැයි යන තේමාව යටතේ එළඹෙන මැයි පලවන දා රැළියට පැවැත්වීමට අපි සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

යැයි සදහන් කලේය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan