ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට 2022.07.09 වනදා ගිනිතැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ඊයේ (21) ත්‍රිවිධ හමුදාවේ පාර්ශ්වයන් කැඳවා තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම පරීක්ෂණයට පැමිණ කරුණු දැක්වීම සිදුකළ ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එම කරුණු දැක්වීම සිදු නොකළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ අදාළ කරුණු දැක්වීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලිඛිතව ඉල්ලීමක් සිදුකළ බවත් , එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනයක දී මෙම පරීක්ෂණයට අදාළව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැඳවීමට නියමිත බව එම නිවේදනයෙන් දැනුම්දී තිබේ.

මෙම පරීක්ෂණය පවත්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස 2022.07.09 වනදා ගිනිතැබීම සිදුවන අවස්ථාවේ දී ප්‍රමාණවත් ආරක්ෂාවක්, ආරක්ෂක අංශ විසින් සැපයූවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...