ක්‍රීඩා ඇමතිගෙන් තවත් අභිමතානුසාරි හැසිරීමක්

Date:

ක්‍රීඩා පණතේ 32 (ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා රගර් සම්මේලනය විසුරුවා හැරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතානුසාරි හැසිරිමක් බව ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශකයෙක් මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් ද වූ නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද පවසයි.නිතිඥවරයාගේ අදහස වන්නේ ඒ අනුව යුක්තියේ සාරධර්මවලට පටහැනිව අමාත්‍යවරයා ක්‍රියා කර ඇති බවය.

එම වගන්තිය යටතේ තීරණ ගැනීමට අවශ්‍යය නිසි ක්‍රමවේදය භාවිතයට ගෙන නැති බවත්,කිසිඳු පූර්ව දැණුම්දීමකින් තොරව ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවත් පෙන්වා දෙන නීතිඥවරයා එම යුක්තිගරුකභාවයෙන් තොර තීරණය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කිරිමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.

එසේම අමාත්‍යවරයාගේ මෙම තීරණය හරහා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්,එය අපහාසයක් දක්වා පළල් විය හැකි කරුණු හා සාධක සහිත වූවක් බවත් පෙන්වා දෙන නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ඉදිරියේදී මෙම කරුණු ගරු කටයුතු අධිකරණයේ අවධානයට යොමු කිරිමට අවශ්‍යය පියවර ගනු ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙය ක්‍රිඩා අමාත්‍යවරයා අභිමතානුසාරීව හැසිරෙන ලද තවත් එක් අවස්ථාවක් පමණක් බව අපේ හැඟීම වන අතර පාපන්දු පරිපාලනය ජාත්‍යන්තර තහනමට ලක් විමේ දී ද බලපෑවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නියෝජිතයන් හා එකඟ වූ කරුණුවලට පටහැනිව අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ අභිමතානුසාරි හැසිරිමය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...