නව දුම්රිය මාර්ගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නානුඔය සිට නුවරඑළිය සහ රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයක් පවතින නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් බ්‍රිතාන්‍ය යුගයේ නිර්මාණය කෙරුණු රාගල දක්වා දුම්රිය මාර්ගය කුඩා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති අතර , නානුඔය ප්‍රදේශයේ නිල සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සංචාරකයින්ගේ පහසුව සඳහා මෙම මාර්ගය ඉදිකරන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විශේෂයෙන්ම දිවයින පුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට පියවර ගත යුතු බවත් , එළවලු ප්‍රවාහනය කිරීමේ කටයුතු ද නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට සැළසුම් සකස් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේය .

ප්‍රදේශයේ ජනතාව සිදු කරන ලද ඉල්ලීමකට අනුව උදෑසන කාලයේ නානුඔය සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට නුවරඑළිය නගරයයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට විශේෂ බස් රථයක් යෙදවීමට ද අමාත්‍යවරයා විසින් මෙහි දී උපදෙස් ලබා දී ඇත .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...