පිපී සැනසුණු නෙළුම් කැකුළු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වත්තල කෙරවලපිටිය විද්‍යාලෝක විද්‍යාලයේ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් බෑග් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සහ වත්තල , හේකිත්ත ක්‍රිස්තුරාජ විද්‍යාලයේ දරුවන් සඳහා පාසල් බෑග් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම අද දින (23 ) නෙළුම් යාය පදනම ඔස්සේ සංවිධානය කළ අතර එම කර්තව්‍යය ඉතා සාර්ථක අයුරින් සිදුකෙරුණි.

දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය වෙනුවෙන් කරගෙන මෙම නෙලුම් යාය පදනමේ මහඟු කාර්‍ය වෙනුවෙන් සහයෝගය ලබාදුන් විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිනි ජයන්ති විජේසූරිය මහත්මියටත් ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමාටත් හදපිරි ස්තූතියි පිරිනමමු.

දරුවන්ගේ අධ්‍යාපන ගමන්මගේ නිම් වළලු පුළුල්කිරීම සඳහා නිරන්තරයෙන් අතහිත දෙමින් ඔවුනට සහනයක් සැලසීමට නෙළුම් යාය සෑමවිටම ඉඩ හසුරුවන අතර දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරියට ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙමු.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ (Colombo International Container Terminals) ප්‍රධාන විධායක නිලධාරී Jack Huang සහ දිනේෂ් වීරක්කොඩි පදනම (Dinesh Weerakkody Foundation) විසිනි.

මෙවැනි දේ සඳහා ඔබටත් හැකියාවක් ඇතිනම් අප සමඟ එක්වී [email protected] ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

රටේ අනාගතය යනු මල් වැනි දරුවන්ය. ඔවුන් වෙනුවෙන් හැකි සෑම විටම පිහිටක් සරණක්ම වෙමු. එයයි නෙළුම් යායේ හෘදයාංගම අපේක්ෂාව…!!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...