අස්ලාම්ගෙන් නිලකුණු පන්දුවාර පහක්

කොළඹ (LNW): කුවේට් කණ්ඩායමට නායකත්වය දෙන ශ්‍රී ලංකාවේ ඉපිදි ක්‍රීඩකයෙක් වන මොහොමඩ් අස්ලාම් බහරේනයට එරෙහිව පැවති එක්දින තරගයේදී කැපී පෙනෛ පන්දු යැවීමක නිරත වෙමින් තමන්ගේ පන්දු වාර 19 න් පහක්ම නිලකුණු පන්දුවාර ලෙස සටහන් කරන්නට සමත් වුණා. මේ දිනවල නේපාලයේ ආසියානු ක්‍රිකට් කවුන්සිල තරගාවලිය යටතේ පැවති මේ තරගයේ දී අස්ලාම් මෙම දස්කම ප්‍රදර්ශනය කළත් සෙසු පන්දු යවන්නන්ගෙන් එම අඩුව පිරිමසා ගත් බහරේන් ක්‍රිඩකයින් සිය පන්දුවාර 50 නිමාවේ කඩුලු හතකට ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉණිමේදි කුවේට් කණ්ඩායම පන්දු වාර 44.2 දී කඩුලු 8 ක් දැවි ලකුණු 258 ක් ලබමින් කඩුලු දෙකක ජයග්‍රහණයක් ලබා ගන්නට කුවේට් කණ්ඩායම සමත් වුණා.එහිදී අස්ලාම් ලකුණු 14 ක් ලැබූ අතර ඔහු මෙන්ම කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු රවීජ සඳරුවන් ද කුවේට් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔහු අවාසනාවන්ත ලෙස ලකුණු 8 ට දුවද්දී දැවී ගියා. අස්ලාම් ලකුණු 14 ක් ලබා ගන්නට සමත් වුණා.

වර්ථමානයේ කුවේට් කණ්ඩායමට නායකත්වය දෙන අස්ලාම් 2013 වර්ෂයේ අවුරුදු 23 න් පහළ ශ්‍රී ලංකාවේ දෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් මේ සමඟ දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...