අක්ෂි රෝහලේ සැත්කම් අද සිට යළිත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තාවකාලිකව නවතා තිබු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

පසුගියදාඅක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කළ අතර , සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇත.

එම රෝහලේ සැත්කම් කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි .

“ජාතික අක්ෂි රෝහලේ පසුගිය දින කිහිපයේදී ශල්‍යකර්ම නවතා දමන්න සිදුවුණා විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන්. එම විෂබීජය විෂබීජහරණය කිරීමෙන් පස්සේ නැවතත් අද දිනයේදී නැවතත් ශල්‍යකර්ම ආරම්භ කිරීමට නියමිතයි. සම්පූර්ණයෙන් අදාළ ඖෂධ වර්ගය ඉවත් කිරීමටත් ඒ වෙනුවෙන් වෙනත් ඖෂධයක් භාවිත කිරීමටත් ශල්‍යකර්ම ඉතාම ආරක්ෂිතව සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව මේ වනවිට තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...