අක්ෂි රෝහලේ සැත්කම් අද සිට යළිත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තාවකාලිකව නවතා තිබු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

පසුගියදාඅක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කළ අතර , සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇත.

එම රෝහලේ සැත්කම් කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි .

“ජාතික අක්ෂි රෝහලේ පසුගිය දින කිහිපයේදී ශල්‍යකර්ම නවතා දමන්න සිදුවුණා විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන්. එම විෂබීජය විෂබීජහරණය කිරීමෙන් පස්සේ නැවතත් අද දිනයේදී නැවතත් ශල්‍යකර්ම ආරම්භ කිරීමට නියමිතයි. සම්පූර්ණයෙන් අදාළ ඖෂධ වර්ගය ඉවත් කිරීමටත් ඒ වෙනුවෙන් වෙනත් ඖෂධයක් භාවිත කිරීමටත් ශල්‍යකර්ම ඉතාම ආරක්ෂිතව සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව මේ වනවිට තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...