තමන්ට පිස්සා යැයි කියූ මහින්දට ජී.එල්.පෙරලා පහර දෙයි! (VIDEO)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 22 වැනිදා පැවැත්වූ පක්ෂ මහා සභා රැස්වීමේ කිසිදු නීත්‍යානූකූලභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

ඒ, අද (24) නිදහස ජනතා සභාව විසින් පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව එම රැස්වීමේදී ගත් සියලු තීරණ ග\ශුන්‍ය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය අධිකරණයේදී ඔප්පු කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරන ලදී.

කෙසේවෙතත් එදින මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය රටම දැනගත් බවයි ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ.

එම මහා සභා රැස්වීමේ මුලසුනේ ඔහු සිටියද ගත් තීන්දු තීරණ ගැන ඔහු නොදන්නා බව එදින මාධ්‍ය හමුවේ රාජපක්ෂ මහතා පෙන්නුම් කළ බව ජී.එල්.පීරිස් මහතා සිනා මුසු මුහුණින් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...