මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාලේ හි විදේශ අමාත්‍යංශයට අක්තපත්‍ර ලිපියේ පිටපතක් පිළිගන්වයි

මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාලේ හි පිහිටි විදේශ අමාත්‍යංශය වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් පිළිගන්වයි

2022 ජනවාරි 25 වැනි දින මාලේ වෙත පැමිණි මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එම්. ජේ. සාදික් මැතිතුමා, මහ කොමසාරිස් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයකින් අනතුරුව, එදිනම මාලේ හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

නම් කළ මහ කොමසාරිස් සාදික් මැතිතුමා පසු දින, එනම් 2022 ජනවාරි 26 වැනි දින මාලේ හි පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන කටයුතු ප්‍රධානී, තානාපති අයිෂත් ෂාන් ෂකීර් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත භාර දුන්නේ ය.

මෙහිදී පැවති හමුව අතරතුර දී අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආයෝජන යනාදී ද්විපාර්ශ්වික උනන්දුවක් සහිත කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. තම අක්තපත්‍ර ලිපියේ  විවෘත පිටපතක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කඩිනමින් ලබා දීම පිළිබඳව සන්ධාන ප්‍රධානියාට සිය ස්තුතිය පළ කළ නම් කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවත්නා සමීප සහ සුහදශීලී සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව සම ලේකම් ඛදීජා නජීහා මහත්මිය හමු වූ නම් කළ මහ කොමසාරිස් සාදික් මැතිතුමා, මෙම වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට ප්‍රථම විශේෂයෙන් ද්විත්ත්ව බදු පැනවීම වැළැක්වීම, ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්‍ෂා කිරීම සහ රේගුවට අදාළ කරුණු යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපේක්ෂිත ද්විපාර්ශ්වික ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් කිහිපයක් කඩිනමින් අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කළේ ය.

වැඩබලන මහ කොමසාරිස් ඩී. අමනුල්ලා මහතා ද නම් කළ මහ කොමසාරිස්වරයා සමඟ මෙම හමු සඳහා සහභාගී විය.  

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
මාලේ
2022 ජනවාරි 28 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...