ජනාධිපතිගේ දෑත ශක්තිමත් කරන්න එන අය අපිවත් පෙරළගෙන යයිද දන්නේ නැහැ (VIDEO)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැන් පක්ෂයට අභියෝග කිරීම යනු විහිළු සැපයීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

කෙසේවෙතත් දුරකථනය අතට ගත්, අයත්, හෙලිකොප්ටරයට නැග්ග අයත් අත ඉබින්න කල්පනා කළ අයත් බුරුතු පිටින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැකවරණයට පැමිණීම වැළැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වන විට වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන නමුත් පක්ෂය කිසිදු වෙනත් පක්ෂයකට අලෙවි නොකරන බවද හෙතෙම කියා සිටියි.

එමෙන්ම මේ අතර ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට හෝ ගමන තහවුරු කිරීමට හෝ කියා පැමිණෙන අය තමන් ඇතුළු පිරිසත් පෙරළාගෙන ඉදිරි පුටුවේ අසුන් ගනු ඇති බවද තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘට පවසා තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...