හරීන් කැබිනට් ඇමතිකම අත්හරීද ?

Date:

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සති ගණනාවකදීම කැබිනට් රැස්වීම්වලට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

රාජ්‍ය පාලනයේ ඉහළම තීන්දු තීරණ අනුමත කෙරෙන විධායකය වන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කැබිනට් අමාත්‍යවරයකුගේ ප්‍රධානතම වගකීමක් වන්නේ කැබිනට් සාමුහික වගකීම දරමින් කැබිනට් රැස්වීම්වලට සහභාගී වීමයි.

ඒ අනුව මෙසේ දිගින් දිගටම කැබිනට් රැස්වීම් මඟ නොහරින ලෙස සෙසු කැබිනට් අමාත්‍යවරුන් ද හරීන් ප්‍රනාන්දු මහතාට පවසා ඇතත් එම ක්‍රියාපිළිවෙතෙහි වෙනසක් සිදුව නොමැති බවත් සඳහන්.

මෙම තත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද විශේෂ අවධානයට ලක්ව ඇති අතර නුදුරේදීම ඒ මහතා විසින් මේ පිළිබඳව පුද්ගලික මට්ටමින් සාකච්ඡාවක් පවා කැඳවන තත්වයක් නිර්මාණය වී ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...