අපි එදා මංගලට හිනා උනාට මිල සූත්‍රය හොඳයි කියලා දැන් තේරෙනවා – ඩලස්

Date:

ඉන්ධන මිල යළිත් හදිසියේ ඉහළ දැමීමට සිදුවූයේ විදේශ සංචිත අර්බුදයට විසඳුමක් ලෙස බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය කෙරෙහි 03% ක බලපෑමක් ඇති කරනු ඇති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

ඉන්ධන ආනයනය වෙනුවෙන් සෑම මසකදීම ඇමරිකානු ඩොලර් මිලියන 350 – 400 අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත්, රට සතුව තිබෙන විදේශ සංචිත ඉතා වේගයෙන් ක්ෂය වීමට ඉන්ධන ආනයනය හේතුවක් බවත් අලහප්පෙරුම මහතා පෙන්වා දෙනවා.

විටින් විට ඉන්ධන මිල ඉහළ යාමත් සමග මිල සූත්‍රයක අවශ්‍යතාවය පිළිබඳව කතාබහට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවයි. එදා මංගල සමරවීර මහතා මිල සූත්‍රය හඳුන්වා දුන් අවස්ථාවේදී තාමද එය උපහාසයට ලක්කළ බව පවසන ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ, ලෝක වෙළඳපොලේ මිල ඉහළ – පහළ යාමට සාපේක්ෂව ඉන්ධන මිල උච්ඡාවචනය වීමට ඉඩ තැබීම වඩාත් සුදුසු බව පිළිගන්නා බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කොටසේ සූරයන් කළුතරින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...