ජනක හෙළිකල රහස.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඒ යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා බවද අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“නව යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත 2023″ අපිට සැලැස්ම හම්බවුණා. මේක ඉතාම රහසිගත ලියවිල්ලක්.. මේ මගින් බලපොරොත්තු වෙනවා නව විදුලිබල පනතක් ඉදිරිපත් කරන්න. ජලවිදුලි බලාගාරවල අයිතිය සමාගම්වලට පවරන්න යන්නේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය.. ඒක සමාගම් අඥා පනතේ තියෙන ආයතනයකට පැවරීමෙන් ඇතිවෙන තත්ත්වය අපිට තක්සේරු කරන්න බැරි වෙනවා. අලුතෙන් එන මේ පනතේ තියෙනවා.. ඉදිරියේදී මහවැලිය, ලක්ෂපාන, මාවුස්සාකැලේ ජලවිදුලි බලාගාර පාලනය කරන සමාගම්වලට අවශ්‍ය විදිහට ජලය නිකුත් කළ යුතුයි කියලා. ඒ කියන්නේ අපිට ඉදිරියේදී කෘෂිකර්මයට අවශ්‍ය ජලයට වඩා වැදගත් වෙන්නේ පුද්ගලික අංශය මගින් පාලනය කරනු ලබන මේ ජල බලාගාරවලට අවශ්‍ය ජලය දෙන එක.”

“මහජන උපයෝගිතා කොමිසම වෙනුව අලුත් කොමිසමක් ගේන්න යනවා. මාව අයින් කිරීමට නොහැකි නිසා මහජන උපයෝගිතා කොමිෂන් පනත අයින් කරලා වෙන පනතක් ගේන්න යනවා”

“මට එල්ල කළ චෝදනා 5ක් තිබ්බා. ඒ චෝදනාවලට උත්තර දුන්නා. දැන් ඒක පාර්ලිමේන්තුවට දාන්න ඕන. ගිය සුමානේ දැම්මේ නැහැ. මං බලන් ඉන්නවා දාලා 113ක් අරගෙන මාව අයින් කරන තුරු. එහෙම නැතුව මං යන්නේ නැහැ මේකෙන්. දැන් හදන්නේ කොමිසම අයින් කරලා වෙන කොමිසමක් ගේන්න. දේශපාලනඥයින් මෝඩ තකතීරු වැඩ කරන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...