වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධික ලෙස ඉහළ ගිහිං!

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): සව්කොළ හා වෙසක් පහන් කූඩූ සෑදීමට යොදා ගන්නා කම්බි මිළ ඉහළ යෑම හේතුවෙන් හා උණ බට හිඟ වීම හේතුවෙන් වෙසක් පහන් කූඩූ මිළද ඉහළ දැමූ බවත්, පසුගිය වසර වලට වඩා වෙසක් සැරසිලි වල අලෙවිය පහළ ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල නගරයේ වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ වෙලෙන්දන් කියා සිටින්නේ,

මේ වන විට සව්කොළයක් රුපියල් 15 ක පමණ මිලකින් යුතු බැවින් අලවා වැඩ අවසන් කළ අඟල් 06 ක පමණ වෙසක් පහන් කූඩුවක් 350 ක් වෙනවා. සැකිල්ල විතරක් 200 ක් වෙනවා.ගිය පාර රුපියල් 100 කට දුන්න කූඩුවක් මේ සැරේ 200 කට විතර තමයි විකුණන්න වෙලා තියෙන්නේ.පාසල් වලට උණ බට වෙසක් කූඩු ගේන්න කියන නිසා උණ බට වලින් සකස් කරපු කූඩු දෙමාපියන් අපෙන් අරන් යනවා, ඒ නිසා පාසල් වලට අවශ්‍යය කූඩු අලෙවිය කරනවා, වෙසක් කූඩූ සැකසීමට උණ බට සොයා ගැනීමට විශාල අපහසුවක් තියෙනවා, බොහෝ දුර ගිහින් උණ බට සොයා ගෙන විත් සුද්ධ කරලා කම්බි බැඳලා මේ කූඩූ හදන්නේ, කම්බිත් මේ වන විට විශාල වශයෙන් මිළ ගිහින් තියෙනවා.ගිය පාරට වඩා වෙසක් කූඩු අලෙවියේ අඩුවක් තියෙනවා.

අවුරුදු ආසන්නයේම වෙසක් පෝය යෙදීමත් ඒකට බලපාලා තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපයේදීවත් අලෙවිය සිදු වෙයි කියලා.ගිය සැරේ 08 ට ගත්ත සව්කොළය මේ පාර රුපියල් 15 ක් වෙලා තියෙන නිසා ඉතින් වෙසක් කූඩු මිලත් එකට එකක් ගණන් දාන්න සිද්ධ වෙලා තියෙනවා.ප්ලාස්ටික් කූඩු වෙළඳපොලේ තිබුණා කියලා හැබැයි සාම්ප්‍රදායිකව උණ බට වලින් සකස් කරන අපේ වෙසක් කූඩු වල අලෙවියට ගැටලුවක් වෙලා නෑ.

පාසල් වලට උණ බට කූඩූ ගේන්න නිසා, අපෙන් අරන් යනවා.මේ දවස් වල වැස්ස නිසා අලවපු කූඩු පාරට පේන්න දාන්න බෑ, වැස්සෙන් බේරගෙන බොහෝම අමාරුවෙන් වෙලදාම් කරනවා.රටේ තත්වය නිසා තමයි ඉතින් මේ පාර කූඩු වල ගණන් දෙගුණ වෙලා තියෙන්නේ.සව් කොළ හා කම්බි ගණන්, උණ බට හොයාගෙන ඒවා කපලා ප්‍රවාහනය කර ගන්න ගියහම ලොරි කුළියත් වැඩි වෙලා, උණ බටත් සල්ලි වලට ගේන්නේ,වෙසක් සැරසිලි හා භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල මිල ඉකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඉහළ යාමත් , අමුද්‍රව්‍ය හිගයත් ඒවායේ මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි වෙළදුන් පෙන්වා දෙති.

විදුලි බුබුලු වැල් මිලද ඉහළ ගොස් ඇති බවත්, පවතින විදුලි බිල වැඩිවීම හේතුවෙන් නිතර ඒවා දල්වා ප්‍රදර්ශනය කිරීමේ ගැටලු පවතින බවද වෙළඳසැල් හිමියන් පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය