Home පුවත් බන්දුලගෙන් පොල් සහනයක් – සතොසේ පොල් 75ට බස්සයි – ගෙඩි ගන්න බැරි...

බන්දුලගෙන් පොල් සහනයක් – සතොසේ පොල් 75ට බස්සයි – ගෙඩි ගන්න බැරි අයට කිරි පැකට්

0
522

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර මෙම මිල අඩු කිරීමට අදාළව පොල් සංවර්ධන අධිකාරිය සමග සතොස ආයතනය ගිවිසුමට අත්සන් තැබීමද සිදුවිය.

මෙම වර්ෂය පුරාවටම ලොකු පොල් ගෙඩියක් උපරිම සිල්ලර මිල ලෙස රු.75කට සතොස හරහා අලෙවි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී එහෙම පොල් ගෙඩි වශයෙන් ලබාගැනීමට නොහැකි පාරිභෝගිකයින්ට ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත අපනයන තත්ත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි පැකට් රු 150කට සතොසෙන් ලබාගැනීමට හැකි බවද අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් පහළ වැටුණහොත් ඒ අනුව මිල අඩු කිරීමට කටයුතු කරන බවයි ගුණවර්ධන මහතා පැවසුවේ.

ASK

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here