රථ වාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට  ලැබී තිබෙන  අතර , ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්  ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක වේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන් ම  තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම (eRL) වැඩසටහන යටතේ ලබා දී ඇති අතර , මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම්  ක්‍රෙඩිට් කාඩ් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඉ-මේල් ලිපිනය ඔස්සේ ඔබට ලැබේ. ස්ථීර ආදායම් බලපත්‍රය දින කීපයකින් ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ නිවසට ලැබෙනු ඇත.

දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල  මඟින් ද මෙම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි අතර ලංකා රාජ්‍ය ජාලය (Lanka Goverment Network )  සහ ලංකා රාජ්‍ය මේඝය  (Lanka Goverment Cloud ) යන  යටිතල පහසුකම් පද්ධති මඟින් එය බල ගන්වා තිබෙන අතර , මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් පහසුකම් එක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  සඳහන් කරයි. ඒ අනුව දැනටමත් තම වාහනය ලියාපදිංචි කර තිබෙන්නේ කුමන පළාතක වුවත්, ඔීනෑම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් එය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

තව ද වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ස්කෑන් කිරීමට පියවර  ගැනීම නිසා එම කටයුතු කඩිනමින් නිම කිරීමේ හැකියාව ලැබී ඇත.  මේ නිසා කඩදාසි භාවිතය අවම වීමට, වියදම් අවම වීමට සහ හරිත පරිසරය සුරැකීමට ඉවහල් වී ඇත.

දිවයිනේ සමස්ත පළාත් නමය මඟින් නිකුත් කර තිබෙන වාර්ෂික සාමාන්‍ය වාහන ආදායම් බලපත් ගණන මිලියන 5.5ක් ඉක්මවා ඇති අතර එයින් උපයා ඇති ආදායම බිලියන 10ක් ඉක්මවා තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...