සජිත් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් (Photos)

Date:

මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පක්ෂ නායකයින් සහ නියෝජිතයින් පිරිසකගේ හමුවක් ඊයේ (03) කොළඹදී පැවැත්වී තිබේ.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් පසුගියදා මුලපුරනු ලැබූ අතර, මාධ්‍ය ආයතන සමග වූ මෙම හමුව සිදුවුණේ එහි තවත් පියවරක් ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ලෝක මාධ්‍ය නිදහස සමරන මෙවැනි දිනක, මාධ්‍ය ආයතන සමග විපක්ෂයේ පක්ෂ එක්ව ආර්ථිකමය, දේශපාලනමය සංවාදයක් ආරම්භ කිරීම පිළිබඳ සතුටු වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට සමග 4 වැනි ප්‍රධාන කුළුණ ලෙස ජනමාධ්‍ය සිදු කරණ කාර්යභාරය පැසසිය යුතු බවද, විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද ඒ සඳහා ප්‍රගතිශීලී, සංවාදශීලි අදහස් හුවමාරුවක් ඇති කර ගෙන ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, විවිධ දේශපාලන පක්ෂ ලෙස අනන්‍ය වූ ප්‍රතිපත්ති පැවතියත් ජාතික වශයෙන් වැදගත් කාරණා ගණනාවක දී විපක්ෂයේ පක්ෂ ලෙස අද එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව උදාවී ඇති බවයි.

නිදසුනක් ලෙස මාධ්‍ය පාලනය උදෙසා රජය පිඹුරු පත් සකස් කරන විකාශන අධිකාරී පනතත්, රජය ගෙන ඒමට සැරසෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් පෙන්වාදිය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

ඒ තුළින් මර්දනය කිරීමට සැරසෙන ලක්ෂ 220ක් වූ ජනතාව සුරක්ෂිත කිරීමට විපක්ෂය ලෙස තම කණ්ඩායමත්, මාධ්‍යවේදීන් ලෙස ඔබ සියළු දෙනාත් එක්ව කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

විපක්ෂයේ සෙසු පක්ෂ නායකයෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...