වැසි මැඩ තැන රැක ගැනීමට ගයන්තිකාට හැකි වෙයි

Date:

ඔසාකා හී දී කිනාමි මිචිටකා අනුස්මරණ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 800 කාන්තා තරගය ජය ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වුණා.ඔලිම්පික් සිහින සැබෑ කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය පිණිස අත ඇති මුදලෙන ජපානයට ගොස් තරග වැදුණ ගයන්තිකා මිට පෙර පැවති ශිෂෝකි හී පැවති තරගයද ජය ගන්නට සමත් වුණා.

ශිෂෝකා හී දී විනාඩි 2:04.35 ක කාලයක් වාර්තා කළ ගයන්තිකා මේ තරගයේදී වර්ෂාව මධ්‍යයේ ධාවනයේ යෙදෙමින් විනාඩි 02:04.26 ක දක්ෂතාවයක් වාර්තා කිරිම කැපී පෙණුනා.ඇය ඒ අනුව මේ තරග සංචාරයේ දී මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් වඩාත් කැපී පෙණුන තරගකාරිය බවට පත් වූණ අතර අරුණ දර්ශන සිය තරග නිමා කිරීමේ හොඳම කාලය අවස්ථා දෙකේදීම ඉක්මවා යන්නට සමත් වුණා.

සටහන – නිශ්මං රණසිංහ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...