පොලිසියේ දෙපිරිසක් මහපාරේ ගුටි කෙළගනී. දෙදෙනෙක් අත්අඩංගුවට

Date:

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයෙහි වරකාපොල ප්‍රදේශයේදී පොලිසියේ දෙපාර්ශ්වයක් අතර පසුගිය 30 වනදා ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එක් පොලිස් පාර්ශ්වයක් 30 වනදා රාත්‍රියේ රඹුක්කන ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටින අතරතුර වාහන ගමනාගමනය සම්බන්ධයෙන් අනෙක් පාර්ශවය සමග ගැටුමක් ඇති කරගෙන ඇති බව සඳහන්.

එම දෙපාර්ශ්වය ඒ මොහොතේ සිවිල් ඇඳුමින් සිට ඇති අතර ගැටුමින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල්ගතව සිටින බවත් වාර්තා විය.

සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන්.

ශ්‍රී ලංකා පොලිසියේ විනය බිඳවැටීම සම්බන්ධ සිද්ධීන් ගණනාවක්ම පසුගිය කාලය තුළ වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...