අභිමානවත්ව පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර, අදාළ උත්සවය මේ මස 19වන දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම යුද්ධයේදී දිවි පිදූ රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...