මුදල් කාරක සභාවේ සභාපතිකම නොදී ඇමතිවරු බිලී බා ගන්න උත්සාහ කරනවා – සජිත් (VIDEO)

Date:

පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස විපක්ෂය විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබිය දී තේරීම් කාරක සභාව එම තීන්දුව ගැනීම කල් දැමීම සහ තේරීම් කාරක සභාව නොපැවැත්වීමත් නිසා අනීතික සභාපතිවරුන් පත් කර ඇති බවත් එය ව්‍යවස්ථා විරෝධි ස්ථාවර නියෝග කඩකරන ක්‍රියාවක් බවත් එවැනි තාවකාලික සභාපතිවරයකු හරහා විවිධ රෙගුලාසි අනුමත කිරිම සදාචාර සම්පන්න හෝ ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බංකොලොත් රටක මූල්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරිම රටේ ප්‍රධාන දෙයක් වුවත් මෙහි දී දේශපාලන ගේම් ගසා විපක්ෂය බෙදීමට උත්සාහ කරන බවත් මුදල් කාරක සභාවේ සභාපතිකම ලබා නොදී ආණ්ඩුව මුදලට ඇමතිකම් ලබා දීමේ උත්සාහයක නිරත වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයේ කිසිවක් එම ඇමතිකම් ලබා ගැනීමට සූදානම් නොමැති බව යි.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ විපක්ෂය විසින් මුදල් කාරක සභාවට හර්ෂ ද සිල්වා මැතිතුමාගේ නම යෝජනා කර තිබිය දී එම පත් කිරීම සිදු නොකිරීමට හේතු කුමක්ද කියා රටටත් පාර්ලිමේන්තුවටත් පැහැදිලි කරන ලෙස යි.

එසේ ම විධිමත්ව පත් වූ සභාපතිවරයකු නොමැති තැන තාවකාලික සභාපතිවරයකු හරහා නීති රීතී රෙගුලාසි සම්මත කර ගන්නේ කෙසේදැයි ගැටලුවක් පවතින බවත් හර්ෂ ද සිල්වා මහතා හරියට මේ තනතුර කරන නිසා සමහර දේශපාලනඥයන්ට ඊර්ෂයාවක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...