කොන්සියුලර් සේවා පරිගණක පද්ධතියේ දෝෂයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන අතර , අමාත්‍යාංශයේ කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බව දන්වයි.

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වාසිටින අතර එහි සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරුණු පසුව දැනුම්දෙන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාල මඟින් ලබා ගත හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...