පාසල් හැරයන දරුවන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කිරීම අත්‍යාවශ්‍යයි

Date:

පාසල් හැරයන දරුවන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

පාසැල් හැරයන දරුවන් පිළිබඳව පැහැදිලි තොරතුරු නොමැතිව එම දරුවන්ගේ අනාගතය පිළිබඳව නිසි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇතිවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැක. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට අධ්‍යාපනය නැංවීමටත් තරුණ පරපුර තාක්ෂණයෙන් පිරිපුන් කිරීමටත් විදේශ ආධාර ඇතුළු සියලු දේ ලැබෙන නමුත් අවශ්‍ය දත්ත පද්ධතිය සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උද්ගතවිය හැකිය. මේ හේතුවෙන් පැසල් හැරයන දරුවන් පිළිබඳ දත්ත වාර්තා කිරීම කඩිනමින් අරඹන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

පාසල් දරුවන්ගේ වෙසක් සුබ පැතුම් පත් නිර්මාණ ප්‍රදර්ශනය සහ අනුර දහනායකගේ සම්මානිත මුර්ති ප්‍රදර්ශනය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...